ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ සැකකරු සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව එල්ලවූ ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙක් නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය පෙබරවාරි 19 වෙනිදා කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළදී ගණේමුල්ල සංජීවට වෙඩි තබා ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වූයේ ඇයයි.

අදාළ වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරුට ආධාර අනුබල දුන් ප්‍රධාන සැකකාරිය වූ 25 හැවිරිදි ඉෂාරා සෙව්වන්දි  පසුව අතුරුදන්ව සිටියා.