ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ ණය ශ්‍රේණිගත කිරීම් ඉහළට

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග් ආයතනය සිය නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ ණය ශ්‍රේණිගත කිරීම සී.සී.සී. ප්ලස් (CCC+) ලෙස ඉහළ දමා ඇත.
එමෙන්ම 2024 වසරේදී ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කළද, ශ්‍රී ලංකාවේ CCC ස්වෛරී ශ්‍රේණිය තවදුරටත් සීමා වී ඇත්තේ රජයේ ණය මට්ටම ඉහළ යෑම සහ ඉහළ පොලී ආදායම් අනුපාතය හේතුවෙන් බව ද එහි සඳහන් වේ.
ආර්ථික ප්‍රතිසංස්කරණ මාවතකට තිරසරව අනුගත වීම ශක්තිමත් ආර්ථික ප්‍රකෘතියකට පහසුකම් සපයන බවත්, උද්ධමනය අඩුවීම, සැලකිය යුතු මූල්‍ය ගැළපීමක් සහ විදේශ මූල්‍ය තත්ත්වයේ වැඩිදියුණු වීමක් සිදුව ඇති බව ද එම ආයතනය කියයි.
මාස 48 ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව අයවැය හිඟය මූල්‍යකරණයෙන් වැළකී සිටින අතර, විනිමය අනුපාත නම්‍යශීලීභාවය පවත්වා ගෙන යනු ලබන බවත් එම ආයතනය තවදුරටත් සඳහන් කරයි.
Leave a Reply