2030 දී මිලියන 04ක සංචාරකයින් සහ ඩොලර් බිලියන 08 ආදායමක් බලාපොරොත්තු වන බව ජනපති කියයි

වසර 2030 වන විට මිලියන 04ක සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගනිමින් ඩොලර් බිලියන 08ක ආර්ථිකයකට යාමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
එතුමා මේ බව සඳහන් කළේ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ ඊයේ (28) ටෝකියෝ හි පැවති හමුවකට එක් වෙමිනි.
ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ස්වේච්ඡා සංවිධානයන් හි එකමුතුවෙන් සංවිධාන කර තිබු මෙම හමුවට ජපානයේ වෙසෙන මහා සංඝරත්නය, ආගමික පූජකවරු මෙන්ම වෘත්තීයවේදීහු, විශ්වවිද්‍යාල සිසුහු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
ශ්‍රී ලංකාවේ ජීවත්වන සහ රටින් පිට සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකු පෞද්ගලික වරප්‍රසාද හෝ වරදාන අපේක්ෂාවෙන් වත්මන් රජය බලයට පත් කර ගැනීමට කටයුතු නොකළ බව අනුර කුමාර දිසානායක මහතා එහිදී පැවසීය.
එමෙන්ම ඔවුන් සැම අපේක්ෂා කළ පරිවර්තනය වෙනුවෙන් තම රජය කැපවී කටයුතු කරන බවත්, රජයේ වසරක ගමන් මගෙහි සාර්ථකත්වය මැනිය යුත්තේ ඒ මත පදනම්ව බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Leave a Reply