සෑම පුරවැසියෙකුගේම ජීවන තත්ත්වය උසස් කරන බවට ජනපතිගෙන් සහතිකයක්

ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(27) පෙරවරුවේ ජපානයේ, ඔසාකා නුවර පිහිටි කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා විය.

සිය සංචාරයේ පළමු කටයුත්ත ලෙස, ජනාධිපතිවරයා  ජපානයේ, ඔසාකා නුවර පැවැත්වෙන “එක්ස්පෝ 2025” ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දින සැමරුම් උත්සවය සඳහා සහභාගි වී ඇත.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ ගෝලීය පරිවර්තනයන් සිදු වන මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාව පසු වන්නේ සිය ආර්ථික ගමනේ තීරණාත්මක මොහොතක බවයි. අඛණ්ඩ අභියෝගවලට මුහුණ දුන් ශ්‍රී ලංකාව මේ වන විට තිරසර සහ සහභාගිත්ව ආර්ථිකයක් නැවත ගොඩනඟමින් සිටින බව ද හෙතෙම සඳහන් කළේය. 

මෙම සංවර්ධනයේ ප්‍රතිලාභ පුළුල්ව බෙදා ගන්නා බවටත්, එම සමෘද්ධිමත්භාවය තුළින් සෑම පුරවැසියෙකුගේම ජීවන තත්ත්වය උසස් කරන බවටත් සහතික වන බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.