වාහන ආනයනය සඳහා රජය ඩොලර් බිලියන 1.8 LC විවෘත කිරීමට අවසර ලබා දී තිබේ ඒ අනුව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය ඇමතිවරයා පවසන්නේ, වසර තුළ වාහන ආනයනය සඳහා රජය ඩොලර් බිලියන 1.8 දක්වා ණයවර ලිපි (LC) විවෘත කිරීමට අවසර දී ඇති බවයි. කෙසේ වෙතත්, මේ දක්වා ආනයනය කර ඇති වාහනවල වටිනාකම ඩොලර් බිලියන 1.2 ක් පමණ වන අතර, විවෘත ...

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ධූරයට පත්වීමෙන් පසු  සිය පළමු ඉන්දීය නිල සංචාරය ආරම්භ කරමින් අද අලුයම (16) ඉන්දියාවේ නවදිල්ලි නුවරට පිටත්ව ගියා ය. ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟා වූ අග්‍රාමාත්‍යවරිය, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහීෂිනි කොලොන්නේ මහත්මිය, ඉන්දීය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් විසින් පිළිගනු ලැබිණ. මෙම සංචාරය අතරතුර, දෙරට අතර සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කර ...

මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සහ පුළුල් මහජන සහභාගීත්වයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම අරමුණු කරගත් මුලපිරුමක් වන “රටම එකට ජාතික මෙහෙයුම” නමින් හදිසි කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික මෙහෙයුම් කවුන්සිලයක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවෙයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද අදාළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. එම වැඩසටහන යටතේ පුළුල් ප්‍රචාරණ ක්‍රියාවලියක් ...

2025 අයවැය යෝජනාවක් අනුව, රාජ්‍ය අංශයේ සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීමට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ද ජාතික අවම වේතනය ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. එලෙස මාසික අවම වේතනය වැඩිකිරීම සේවක අර්ථසාධක අරමුදල්, සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල්, අතිකාල, පාරිතෝෂික, ප්‍රසූතිකාධාර ගෙවීම් සහ නිවාඩු දින ගෙවීම් යනාදී සියලු ව්‍යවස්ථාපිත ගෙවීම් සඳහා අදාළ කර ගත යුතුව ඇත. එම විධිවිධාන ක්‍රියාත්මක කිරීම පිණිස ...

සංවිධානාත්මක අපරාධ සැකකරු සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව එල්ලවූ ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙක් නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය පෙබරවාරි 19 වෙනිදා කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළදී ගණේමුල්ල සංජීවට වෙඩි තබා ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වූයේ ඇයයි. අදාළ වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරුට ආධාර අනුබල දුන් ප්‍රධාන සැකකාරිය වූ 25 හැවිරිදි ඉෂාරා සෙව්වන්දි ...

ශ්‍රී ලංකා රජය විසින් හඳුන්වාදුන් තනි පුද්ගල ආයෝජන කටයුතු සඳහා එක්වන විදේශිකයන්ට වාස වීසා (Residence Visa) ලබාදීමේ ක්‍රමය යටතේ ලියාපදිංචි වූ පළමු විදේශිකයා බවට ජර්මානු ජාතික ආචාර්ය පායි ඩ්‍රෙශල් මහතා පත්ව ඇත. ඒ අනුව ඊට අදාළ වාස වීසා අවසරය මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් ඩ්‍රෙශල් මහතාට වෙත ප්‍රදානය කළේය. අංක 2360/24 හා 2023.11.27 දිනැති අතිවිශේෂ ...

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග් ආයතනය සිය නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ ණය ශ්‍රේණිගත කිරීම සී.සී.සී. ප්ලස් (CCC+) ලෙස ඉහළ දමා ඇත. එමෙන්ම 2024 වසරේදී ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කළද, ශ්‍රී ලංකාවේ CCC ස්වෛරී ශ්‍රේණිය තවදුරටත් සීමා වී ඇත්තේ රජයේ ණය මට්ටම ඉහළ යෑම සහ ඉහළ පොලී ආදායම් අනුපාතය හේතුවෙන් බව ද එහි ...

ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(27) පෙරවරුවේ ජපානයේ, ඔසාකා නුවර පිහිටි කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා විය. සිය සංචාරයේ පළමු කටයුත්ත ලෙස, ජනාධිපතිවරයා  ජපානයේ, ඔසාකා නුවර පැවැත්වෙන “එක්ස්පෝ 2025” ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දින සැමරුම් උත්සවය සඳහා සහභාගි වී ඇත. මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ ගෝලීය පරිවර්තනයන් ...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින්, පරිසර හිතකාමී පාසල් පද්ධතියක් සහ පරිසර හිතකාමී දරුවන් නිර්මාණය කිරීම රජයේ ඉලක්කයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසයි. වත්මන් රජයේ ජාතික දැක්ම වන සියලු ජීවින්ගේ පැවැත්ම තහවුරු කරන්නා වූ තිරසර පරිසරයක් ගොඩනැගීම යටතේ මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ද ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වන බව ඇය පෙන්වා දී ඇත. පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ අභිනව මූන් අනුස්මරණ කෞතුකාගාරය විවෘත ...

වසර 2030 වන විට මිලියන 04ක සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගනිමින් ඩොලර් බිලියන 08ක ආර්ථිකයකට යාමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.  එතුමා මේ බව සඳහන් කළේ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ ඊයේ (28) ටෝකියෝ හි පැවති හමුවකට එක් වෙමිනි. ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ස්වේච්ඡා සංවිධානයන් හි එකමුතුවෙන් සංවිධාන කර තිබු මෙම ...