පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ජාතික අවම වේතනය ඉහළ නැංවීමට අනුමැතිය

2025 අයවැය යෝජනාවක් අනුව, රාජ්‍ය අංශයේ සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීමට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ද ජාතික අවම වේතනය ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

එලෙස මාසික අවම වේතනය වැඩිකිරීම සේවක අර්ථසාධක අරමුදල්, සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල්, අතිකාල, පාරිතෝෂික, ප්‍රසූතිකාධාර ගෙවීම් සහ නිවාඩු දින ගෙවීම් යනාදී සියලු ව්‍යවස්ථාපිත ගෙවීම් සඳහා අදාළ කර ගත යුතුව ඇත. එම විධිවිධාන ක්‍රියාත්මක කිරීම පිණිස කම්කරු කොමසාරිස් ජනරාල් වෙත බලය පැවරී ඇති අතර, ඒ අනුව එම විධිවිධාන පිළිබඳව පුවත්පත් දැන්වීම් මඟින් අදාළ පාර්ශ්වයන් දැනුම්වත් කිරීමට දැනටමත් පියවර ගෙන ඇත.

මෙම තොරතුරු කම්කරු ඇමතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානයට ඉදිරිපත් කරන ලදුව, එම විධිවිධාන නිසි පරිදි ක්‍රියාත්මක වන බව තහවුරු කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබාදීමට තීරණය විය.