අගමැතිනිය සිය ප්‍රථම ඉන්දීය නිල සංචාරය අරඹයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ධූරයට පත්වීමෙන් පසු සිය පළමු ඉන්දීය නිල සංචාරය ආරම්භ කරමින් අද අලුයම (16) ඉන්දියාවේ නවදිල්ලි නුවරට පිටත්ව ගියා ය.
ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟා වූ අග්‍රාමාත්‍යවරිය, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහීෂිනි කොලොන්නේ මහත්මිය, ඉන්දීය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් විසින් පිළිගනු ලැබිණ.
මෙම සංචාරය අතරතුර, දෙරට අතර සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කර ගැනීම අරමුණු කරගනිමින් අග්‍රාමාත්‍යවරිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ තවත් ජ්‍යෙෂ්ඨ ඉන්දීය දේශපාලන නායකයින් කිහිපදෙනෙකු ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
අග්‍රාමාත්‍යවරිය 2025 NDTV ගෝලීය සමුළුව සඳහා ද සහභාගී වීමට නියමිත අතර එහිදී අග්‍රාමාත්‍යවරිය සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වනු ඇත.
මෙම සමුළුව හරහා ගෝලීය නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ චින්තන නායකයින් ජාත්‍යන්තර අභියෝග සහ නැගී එන අවස්ථා පිළිබඳව සාකච්ඡා කරනු ඇත.









Leave a Reply