තනි පුද්ගල ආයෝජන කටයුතු සඳහා එක්වන විදේශිකයන්ට වාස වීසා ලබාදීමේ ක්‍රමය ඇරඹේ

ශ්‍රී ලංකා රජය විසින් හඳුන්වාදුන් තනි පුද්ගල ආයෝජන කටයුතු සඳහා එක්වන විදේශිකයන්ට වාස වීසා (Residence Visa) ලබාදීමේ ක්‍රමය යටතේ ලියාපදිංචි වූ පළමු විදේශිකයා බවට ජර්මානු ජාතික ආචාර්ය පායි ඩ්‍රෙශල් මහතා පත්ව ඇත.
ඒ අනුව ඊට අදාළ වාස වීසා අවසරය මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් ඩ්‍රෙශල් මහතාට වෙත ප්‍රදානය කළේය.
අංක 2360/24 හා 2023.11.27 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති සංශෝධිත ආගාමික හා විගාමික නියෝග යටතේ අනුමත තනි පුද්ගල ආයෝජක කාණ්ඩයට අදාළව මෙය ලබා දී ඇත.
මෙම වාස වීසා විශේෂ කාර්යයන් සඳහා පදිංචිවීමේ පහසුකම් ලබාගැනීමට ශ්‍රී ලාංකික නොවන අයෙකුට ලබාදෙන අවසර පත්‍රයක්ය.
Leave a Reply