කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින්(27) ඇරඹෙයි

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගින් සංවිධාන කරනු ලබන 2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් (27) ආරම්භ විය.

ප්‍රදර්ශනය ඔක්තෝබර් මස 6 වන දින දක්වා පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

විදේශීය ප්‍රකාශන කුටි ඇතුළුව  කුටි 500කින් පමණ ප්‍රදර්ශනය සමන්විතය.