ජනතාවගේ යහපත් සෞඛ්‍ය වෙනුවෙන් 2025 වසරේ දී සෞඛ්‍ය මධ්‍යස්ථාන සියයක්

පූර්ව රෝග විනිශ්චයන් සමඟින් ප්‍රතිකාර සඳහා යොමුවිය හැකි සහ වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් සඳහා යොමු කළ හැකි ජනතාවට සමීප සෞඛ්‍ය මධ්‍යස්ථාන රැසක් ඉදිරියේදී ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් මස 26 වැනිදා සිට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක පහක නියමු ව්‍යාපෘතියක් ලෙස එවැනි සෞඛ්‍ය මධ්‍යස්ථාන 10ක් ආරම්භ කරන බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

එමෙන්ම සෞඛ්‍ය මධ්‍යස්ථාන සියයක් සඳහා ඉදිරි මාස කිහිපයේ දී මුල්ගල් තබන බවත් වසර තුනක් තුළ සුවතා මධ්‍යස්ථාන දහසක් මගින් ජනතාව ආවරණය කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.