මානව සම්පත දියුණු කිරීමේ රජයේ ප්‍රමුඛ කාර්යයක් බව අගමැතිනිය කියයි

මානව සම්පත දියුණු කිරීමේ රජයේ ප්‍රමුඛ කාර්යයක් ලෙසට සලකා ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය පවසයි.එම අරමුණෙන් යුතුව අධ්‍යාපනය වෙනුවන් ආයෝජන සිදු කරන බවද ඇය කියා සිටී. එම ආයෝජනය මුදල් අතින් පමණක් නොව සෙසු සියලු අංශවලින් ද සිදු කරන බව අගමැතිවරිය සඳහන් කර සිටියේ අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල මත දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි එක් එක් විෂය ධාරාව යටතේ විශිෂ්ට දක්ෂතා දැක් වූ සිසු දරු දැරියන් ඇගයීමට ජනාධිපති අරමුදල විසින් ගනු ලැබූ තීරණයට අනුව, විශිෂ්ට දක්ෂතා දැක්වූ දරු දැරියන් ඇගයීමේ මධ්‍යම පළාත් වැඩසටහනට සහභාගීවෙමිනි. වෙනස් වන ලෝකය තුළ වෙනස් ලෙසට සිතිය හැකි, සෑම දිශාවක්ම දැකිය හැකි, මානවවාදී පුරවැසියන් පිරිසක් බිහි කිරීමට ක්‍රියා කරන බවද අගමැතිවරිය කීවාය
Leave a Reply