වාහන ආනයනය සීමා වෙයි ?

දැනට ශ්‍රී ලංකාවට සීඝ්‍ර ලෙස වාහන ආනයනය කිරීම නිසා ඉදිරි මාස දෙක තුළ වාහන ආනයනය සීමා කිරීමට කටයුතු කරනු ඇතැයි වාහන ආනයනය කරන්නන්ගේ සංගමය අදහස් පළ කරනවා. මේ වන විටත් ශ්‍රී ලංකාව තුළට ඉතා විශාල වශයෙන් වාහන ආනයනය කර තිබෙන අතර ඒවා විවිධ වාහන සේල් තුළ දක්නට ලැබෙනවා මෙම වාහන ආනයනය කිරීම සඳහා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය වන නිසා මෙසේ ආනයනය කිරීම සීමා කිරීමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව වාහන ආනයනය කරන්නන්ගේ සංගමය පවසනවා.