පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 30කින් ද ඒකක 91ත් 180ත් අතර පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 24කින් පහළ දැමීමට කටයුතු කර තිබේ. ඒකක 180ට වැඩි ගෘහස්ත පාරිභෝගිකයින් සඳහා සියයට 18කින් විදුලි බිල පහත දමා ඇත. ආගමික ස්ථානවලට සියයට 33ක අඩුකිරීමක් සිදුකර ඇති අතර හෝටල් සහ කර්මාන්ත අංශවල සියයට 18කින් විදුලි බිල අඩුකර ඇත. පොදු කාර්ය කාණ්ඩයට අයත් විදුලි බිල සියයට ...

අද දිනයේ සිට දුම්රිය ආසන වෙන්කිරීම සම්පූර්ණයෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද රාත්‍රී 7 සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීමට හැකියාව තිබේ. ආසන වෙන් කිරීමේ දී මේ දක්වා 40%ක ප්‍රතිශතයක් පමණක් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට අවස්ථාව සලසා දී තිබූ අතර අද සිට එය සම්පූර්ණයෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුවනු ඇත. ...

Latest News