විදෙස් සංචාරකයන්ගේ පැමිණීම කැපීපෙනෙන ලෙස ඉහළට

විදෙස් සංචාරකයන්ගේ පැමිණීම කැපීපෙනෙන ලෙස ඉහළ යයි. ඒ අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් මගීන් වැඩි වශයෙන් භාවිත කරන ස්ථානයක් බවට පත්ව ඇති බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ සභාපති අතුල ගල්කැටිය මහතා කියා සිටී. ඒ මහතා පෙන්වා දෙන ආකාරයට 2024 වසරේ ජනවාරි මස 01 වැනිදා සිට මාර්තු මස 19 වැනිදා දක්වා කාලය තුළ ගුවන්තොටුපළ සේවා ලබාගත් ගුවන් මගීන් සංඛ්‍යාව 850,000කි. එසේම මෙම වසර අවසානය වන විට ගුවන් මගීන් මිලියන 10ක පමණ පිරිසක් ගුවන්තොටුපළ භාවිත කරනු ඇතැයි විශ්වාස කරන බවද ඒ මහතා සඳහන් කළේය. 2022 වසරේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ භාවිත කළ සමස්ත මගින් ප්‍රමාණය මිලියන 05ක් වන බවත්, 2023 වසරේදී එම ප්‍රමාණය මිලියන 08 දක්වා වැඩි කර ගැනීමට හැකි වූ බවත් ගල්කැටිය මහතා පෙන්වා දෙයි.