දිවයින පුරා ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී. සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. එමෙන්ම මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් චර්ම රෝග ඇතිවීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍යවරු අනතුරු අඟවයි. හිරු එළිය සම මතට සෘජුවම පතිත වීම හේතුවෙන් සමෙහි යම් යම් වෙනස්කම් ඇතිවිය හැකි අතර මෙහිදී ...

මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණය හමුවේ ජලය සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ තවත් මාස දෙකක පමණ කාලයක් මෙම කාලගුණ තත්ත්වය පැවතුණහොත් ජලය නිකුත් කිරීමේ යම් සීමා කිරීමක් සිදුවිය හැකි බවයි. එමෙන්ම මේ දිනවල විදුලි ඉල්ලුම ද ඉහළ ගොස් ඇති බැවින් විදුලිය අරපිරිමැස්මෙන් ...

Latest News