ජාතික කොඩිය විකෘති කළැයි යටිනුවර සභාපති වලගෙදර අත්අඩංගුවට

2015 ජූලි මස 30 වැනිදා බ්‍රහස්පතින්දා

පොලිසිය සඳහන් කරන්නේ ඉකුත් දා පැවති මැතිවරණ ප‍්‍රචාරක රැළියකදී ජාතික කොඩිය විකෘති කර ඇති බවට නැගෙන චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බවය.

  • 60
  • 0
  • 0

දෙමළ රාජ්‍ය පක්ෂය ඒකාධිපතින් – හිටපු කොටි පවසයි.

2015 ජූලි මස 30 වැනිදා බ්‍රහස්පතින්දා

දෙමළ රාජ්‍ය පක්ෂයේ මැතිවරණ ප්‍රකාශයෙන් ඒකාධිපතිත්වය පෙන්නුම් කර ඇති බව, මකුළුවාගේ ලකුණින් මහ මැතිවරණයට තරග කරන ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමී පක්ෂය පවසයි. යාපනයට තරග කරන පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයන් පිහිටුවාගත් එම පක්ෂයේ අපේක්‍ෂක එන්. විද්‍යාධරන් පවසන්නේ සිය මැතිවරණ කටයුතුවලටද දෙමළ රාජ්‍ය පක්ෂය බාධා සිදු කරන බවයි. දෙමළ පක්ෂ, ජේ.ආර්. ජයවර්ධන රජයට උතුරේ ගැටලූව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ප්‍රධාන කරුණු තුන ප්‍රතික්‍ෂේප වුවත් ඉන් ප්‍රධාන කරුණු දෙකක් ඉන්දු ලංකා ගිවිසුම මගිනුත්, පසුව ඔස්ලෝ වාර්තාව මගිනුත්, ඉදිරිපත් වීම නිසා එය ශ්‍රී ලංකා රජය පිළිගත් බවයි විද්‍යාධරන් පවසන්නේ. ශ්‍රී ලංකා රජය එම කරුණු පිළිගැනීමට හේතුව කොටි සංවිධානය කළ කැපවීම බවයි ඔහු පවසන්නේ. එම කරුණ විකෘති කරමින් දෙමළ රාජ්‍ය පක්ෂය සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර ඇති බව ඔහු චෝදනා කරනවා. හිටපු කොටි සාමාජිකයන් ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයට පිවිසීම ප්‍රතික්‍ෂේප කරමින් දෙමළ රාජ්‍ය පක්ෂය මුල සිටම දැඩි විරෝධයක් එල්ල කළ බවද ඔහු පවසයි.

  • 53
  • 0
  • 0

රාජිත හිරුණිකා අර්ජුන ඇතුළු 5 කට නිදහස් පක්‍ෂ සාමාජිකත්වය තහනම්.

2015 ජූලි මස 29 වැනිදා බදාදා

රාජිත සේනාරත්න ,හිරුණිකා ප්‍රේමචඳ්‍ර, එම් කේ ඒ ඩි එස් ගුණවර්ධන ,එස් බී නාවින්න සහ අර්ජුන රණතුංග ගේ නිදහස් පක්‍ෂ සාමාජිකත්වය තහනම් ඇත. මොවුන් ඉදිරි මහ මැතිවරණයට එක්සත් ජාතික පක්‍ෂයෙන් තරඟ කිරීම සදහා පසු ගිය 12 වෙනිදා යහපාළනය සදහා වු එක්සත් ජාතික පෙරමුන සමඟ සංධාන ගත වූ අතර පක්‍ෂ ව්‍යවස්ථාවෙන් සභාපති වරයාට පැවරී ඇති බලතල අනුව ඔවුන්ගේ පක්‍ෂ සාමාජිකත්වය තහනම් කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර තිබේ. පක්‍ෂ ව්‍යවස්ථාවට හා නීති රීති වලට පටහැනිව මොවුන් ක්‍රීයා කිරීමේ හේතුව මත මෙම තීරණය ගත් බව ජනාධිපති විසින් අදාල සාමාජිකයන්‍ වෙත දැණුන් දී ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කර සිටී.

  • 75
  • 0
  • 0

ශ්‍රීලනිප වාරණ නියෝගය දීර්ඝ කරයි.

2015 ජූලි මස 29 වැනිදා බදාදා

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීම වලක්වාලමින් නිකුත් කර ඇති නියෝගය අගෝස්තු මස 07 වැනිදා දක්වා දීර්ඝ කර තිටබේ. ඒ, කොළඹ දිසා අධිකරණයේ නියෝගයකට අනුවය. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ අනුමැතියකින් තොරව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව කැඳවීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ පසුගිය 15 වැනිදායි.

  • 32
  • 0
  • 0

රාජ්‍ය සේවයට සිදුවූ බරපතල හානිය පොලිස් දෙපාර්තමේන්තුවට සිදුව ඇති හානියයි. – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ

2015 ජූලි මස 29 වැනිදා බදාදා

රාජ්‍ය සේවය ස්වාධීන කිරීම ඉදිරි මැතිවරණයෙන් පසු තමන්ගේ ප්‍රධානතම කර්තව්‍යයන් අතරින් එකක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි . වර්තමානයේ පොලිස් දෙපාර්තමේන්තුවට සිදුව ඇති හානිය රාජ්‍ය සේවයට සිදුවූ බරපතල හානිය බවයි රාජපක්ෂ පෙන්වා දෙන්නේ. පොලිස්පතිවරයාට ඉහළින් දේශපාලනඥයන් නැගී සිටීම ශ්‍රී ලංකාව තුළ කෙදිනකවත් සිදු නොවූ ක්‍රියාවක් බව මහින්ද රාජපක්ෂ පවසයි . හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම අදහස් පළ කළේ මැණික්හින්න ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින්.

  • 88
  • 0
  • 0


ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති ඉල්ලා අස් වෙයි.

2015 ජූලි මස 30 වැනිදා බ්‍රහස්පතින්දා

කුරුණැගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙකු වූ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ පිරිසක් වත්මන් ආණ්ඩුවට සහය දීමට පැමිණි ඔහු ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා කටයුතු කළා.

  • 72
  • 0
  • 0

ශ්‍රීලනිප වාරණ නියෝගය දීර්ඝ කරයි.

2015 ජූලි මස 29 වැනිදා බදාදා

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීම වලක්වාලමින් නිකුත් කර ඇති නියෝගය අගෝස්තු මස 07 වැනිදා දක්වා දීර්ඝ කර තිටබේ. ඒ, කොළඹ දිසා අධිකරණයේ නියෝගයකට අනුවය. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ අනුමැතියකින් තොරව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව කැඳවීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ පසුගිය 15 වැනිදායි.

  • 36
  • 0
  • 0

Connect With Us



කුඩු රේණු මාට්ටු

2015 ජූලි මස 30 වැනිදා බ්‍රහස්පතින්දා

කුඩු රැජින හෙවත් කුඩු රේණු ලෙස ප‍්‍රකටව සිටින ප‍්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කාරිය හෙරොයින් ග‍්‍රෑම් 3ක් සහ මිලිග‍්‍රෑම් 500ක් ද සමග වැලිකඩ පොලිසිය විසින් අද (30) රාජගිරිය ඔබේසේකරපුර ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගැනුණු එම කාන්තාවගේ සැබෑ නම බූදාගොඩ සුදර්මා බවද, ඇයගේ වයස අවුරුදු 46ක් බවද පොලිසිය පවසනවා.

  • 53
  • 0
  • 0