සමස්ත විදේශ සේවා කේෂ්ත්‍රයම ඩිජිටල්කරණය කිරීමට පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සිදුවන අනවශ්‍ය මැදිහත්වීම් වළක්වා ගැනීමටත්, නීතිවිරෝධී ක්‍රියා නතර කිරීමටත් මෙමගින් හැකියාව ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මුදල් අමාත්‍යාංශය මේ සඳහා වූ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කමිටුවක් ද පත් කර ඇති බව හෙතෙම පැවසීය. සේවය ලබා ගන්නා පාර්ශ්වයේ සිට සේවකයා දක්වා ක්‍රියාත්මක විධිමත් තොරතුරු පද්ධතියක් සකස් කිරීමටත්, විවිධ ජාවාරම්කරුවන්ගේ ක්‍රියා නතර කිරීමටත් මෙම වැඩපිළිවෙළ හරහා අපේක්ෂා කෙරේ. අමාත්‍ය මනුෂ නානායක්කාර මෙම අදහස් පළ කළේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’මැයෙන් ඊයේ (20) පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.