යුරියා පොහොර බෙදාහැරීම පිළිබඳ අමාත්‍යංශයෙන් නිවේදනයක්

දිවයිනේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථානවලට හිඟයකින් තොරව යුරියා පොහොර බෙදා හැරීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

ඒ අනුව දිවයින පුරා ඇති ගොවිජන සේවා මධ්‍යස්ථානවලට, මේ වන විටත් අමතර යුරියා පොහොර මෙට්‍රික් ටොන් 5,100 ක් ද බෙදා හැර ඇති අතර අද (19) දිනය තුළ තවත් යුරියා මෙට්‍රික් ටොන් 1,000 ක් බෙදා හැරීමට සැලසුම් කර ඇති බව ද වාර්තා වේ.

 කිසියම් ගොවිජන සේවා මධ්‍යස්ථානයක යුරියා පොහොර නොමැති නම් ලංකා පොහොර සමාගමේ බෙදාහැරීම් අංශය ඇමතීමෙන් තොරතුරු විමසිය හැකි බව කෘෂිකර්ම අමාත්‍යංශය එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කරයි.