ඩෙංගු පාලනය සඳහා පුළුල් වැඩසටහනක්

ඩෙංගු පාලනය සඳහා බස්නාහිර පළාත තුළ ආයතන හා පරිශ්‍ර පරීක්ෂා කිරීමේ පුළුල් වැඩසටහනක් ආරම්භ කර තිබේ. ඒ අනුව සතියේ සෑම සඳුදා දිනකම පෞද්ගලික පාසල්, රජයේ පාසල්, පෙර පාසල්, පෞද්ගලික අධ්‍යාපන ආයතන, උසස් අධ්‍යාපන ආයතන පරීක්ෂාවට ලක් කෙරේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ ඩෙංගු මර්දන විශේෂඥ කමිටුවේ බස්නාහිර පළාත් අනු කමිටුව පසුගියදා රැස් වූ අවස්ථාවේ දී යෝජනා කෙරුණු පරිදි මෙම තීරණයන්ට එළඹ තිබේ. මෙම පරීක්ෂාවන් අදාළ ආයතන විසින් පත් කර ගන්නා ස්වේච්ඡා කණ්ඩායමක් විසින් සතිපතා නියමිත දිනවලදී සිදු කර එම වාර්තා අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත මාසිකව ලබා දිය යුතුය.