ශ්‍රී ලංකාවට ජපන් යෙන් මිලියන 503 ක ආධාරයක්

වෛද්‍ය හෝ සායනික අපද්‍රව්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයෙන් ජපන් යෙන් මිලියන 503 ක ව්‍යාපෘති ආධාරයක් පිරිනැමේ. අදාළ ලේඛන අත්සන් තැබීම ඊයේ (26) සිදුකෙරිණ.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන, ජපාන තානාපති මිසුකොෂි හිදෙයකි සහ ජයිකා ආයතනය වෙනුවෙන් එහි ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත යමාඩා ටෙට්සුයා යන මහත්වරු ඊට අත්සන් තැබූහ.