විදෙස්ගතව සිට මෙරටට පැමිණ සිටින පුද්ගලයන්ට ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා අඩු පොළී ණයක් ලබාදීමට රජය තීරණය කර තිබේ. අද (25) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මේ බව කියා සිටියේය.
මෙම යෝජනාව සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ද හිමි ව ඇත. දැනට දිවයිනට පැමිණ සිටින අයට මෙන්ම විදේශයන් හි සිටින අයටත් මෙරට ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහා සහාය වීම රජයේ අරමුණයි. ඔවුන් ව්‍යවසායකයන් බවට පත්කිරීම සඳහා මෙම ණය ක්‍රමය තවදුරටත් පුළුල් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය