මේ වනවිට රටේ ආර්ථික ස්ථාවරභාවය ගොඩනැගෙමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටී. අද (26) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව පැවසීය.
විදේශ බැංකු මූල්‍ය ආයතනවල විශ්වාසය මේවනවිට හිමිව ඇති බව ද ජනාධිපතිවරයා පවසයි. සමාජ ආරක්ෂණයට වැඩි මුදලක් ලැබෙනු ඇත. එසේම ආයෝජකයන් ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමුකර ඇතැයි ද හෙතෙම කියාසිටී. විදේශීය මෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
එසේම, මූල්‍ය ස්ථාවරභාවයක් ඇති කිරීම අත්‍යවශ්‍ය බවත්, මෙම ක්‍රියාවලියේ දී අඩු ආදායම්ලාභීන් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවත් රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.