ඉකුත් මාර්තු මාසයේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ සංචාරක ඉපයීම් සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එම මාසය තුළ විදේශීය ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 568 ක් දක්වා ඉහළ ගොස් තිබේ. 2022 වසරේ මාර්තු මාසයේ දී එම අගය අමෙරිකානු ඩොලර් මිලියන 318 ක් දක්වා අඩු වී තිබිණ.
මේ වසරේ ගතවූ පළමු මාස තුන තුළ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 1,413 ක් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව කියාසිටී.
මේ අතර, මාර්තු මාසයේ සංචාරක ඉපයීම් අමෙරිකානු ඩොලර් මිලියන 198 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය පසුගිය වසරේ මාර්තු මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 161ක් ලෙස වාර්තා වී තිබුණි.
මාර්තු මාසය අවසන් වන විට මෙරට දළ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 2.7 දක්වා ඉහළ ගොස් ඇති බව ද මහ බැංකුව පෙන්වාදෙයි. කෙසේවෙතත් පසුගිය වසරට සාපේක්ෂව අපනයන ආදායමේ සුළු අඩුවීමක් වාර්තා වන අතර, ඊට හේතුව ඇඟලුම් අපනයන ආදායම සැලකිය යුතු ලෙස පහළ යාම බව මහ බැංකුව පෙන්වාදෙයි