ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකර ගත් එකඟතාව පිළිබඳ ජනාධිපතිවරයාගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාවට හිමිවූ  විස්තීර්ණ මූල්‍ය පහසුකම  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකළේය.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවයට අදාළ ලියවිල්ල ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ දී සභාගත කරන ලදි.

පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ පසුගිය දා තමා භාරගත්තේ ගිනිගත් රටක් බවයි. මෙම බරපතළ අභියෝගය භාරගැනීමේ දී තමා සතුව පැවතියේ අතීත අත්දැකීම් මතින් ගොඩනගාගත් විශ්වාසය පමණක් බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. තමා වැටුණද රට වැටීමට ඉඩ නොතබන යන අධිෂ්ඨානයෙන්  මෙම අභියෝගය භාරගත් බව හෙතම අවධාරණය කළේය.