යහපත් විදේශ ප්‍රතිපත්තියක් ඇති කරගැනීම රජයේ ප්‍රමුඛ අවධානය බව ජනපති කියයි

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළට විදේශීය රටවල සහය ලබා ගැනීම සඳහා කැපවීමෙන් කටයුතු කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටී. දූත මණ්ඩල සේවාව සඳහා පිටත්ව යන නව තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් 11 දෙනෙකු ජනාධිපති කාර්යාලයේදී හමුවූ අවස්ථාවේ හෙතෙම මේ බව පැවසීය.  ආර්ථික සැලසුම්, ආරක්ෂක අරමුණු සහ දේශගුණික විපර්යාස සම්බන්ධ අරමුණු සපුරා ගැනීමේ දී  දූත මණ්ඩල ප්‍රධානීන්ගේ ක්‍රියාකාරිත්වය අතිශය වැදගත් බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සුරැකීම සඳහා යහපත් විදේශ සේවයක් අවශ්‍ය බව පැවසූ ජනාධිපතිවරයා, විදෙස් රටවල් සමග සබඳතා ගොඩනගා ගැනීම හා එහි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ අයිතීන් සුරැකීම තානාපති නිලධාරීන්ගේ ප්‍රධාන සහ මුඛ්‍ය අරමුණ විය යුතු බව ද ප්‍රකාශ කළේ ය.

පළමුව යහපත් විදේශ ප්‍රතිපත්තියක් ඇති කර ගැනීමත්, දෙවනුව මිත්‍ර සබඳතා ගොඩනඟා ගැනීමත් වත්මන් රජයේ ප්‍රධාන අරමුණ වන බව ද හෙතෙම පැවසීය.