පළාත් පාලන ඡන්දයේ ගැසට්ටුව තවම නෑ.

පළාත් පාලන ඡන්ද විමසීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට අදාළ ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් කර නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද නිවේදනය කළා.

එම ගැසට් නිවේදනය නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සමාජිකයන්ගේ අත්සනින් රජයේ මුද්‍රණාලය වෙත යැවිය යුතුයි.

එහෙත්, මෙතෙක් එය රජයේ මුද්‍රණාලයට යවා නොමැති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් පවසනවා.