වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කරමින් ගැසට් නිවේදනයක්

වෛද්‍යවරුන් අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව සංශෝධනය කිරීමට පියවර ගැනේ. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව විශේෂඥ වෛද්‍ය නිලධාරීන්, රජයේ වෛද්‍ය නිලධාරීන්, දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් සහ රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන් යන තනතුරුවල අනිවාර්ය විශ්‍රාම යාමේ වයස් සීමාව සංශෝධනය කර තිබේ.

එම සංශෝධනයට අනුව, දැනටමත් වයස අවුරුදු 63 සම්පූර්ණ කර ඇති අදාළ වෛද්‍යවරුන් ලබන 31 වනදාට පෙර විශ්‍රාම ගැනීම සිදු කළ යුතුයි. මේ වනවිට වයස අවුරුදු 62 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් තම වයස අවුරුදු 63 සම්පූර්ණ වීමේ දී විශ්‍රාම ගත යුතු වන බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වේ. එමෙන්ම මේ වන විට වයස අවුරුදු 61 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් වයස අවුරුදු 62 සම්පූර්ණ වීමත් සමග විශ්‍රාම ගත යුතු බව ද මෙම විශේෂ ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත් කර ඇත.

මෙම සංශෝධන ලබන වසරේ දෙසැම්බර් 31 වන දින දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

18 COMMENTS

Comments are closed.