වාහන අංක තහඩුවේ මෙතෙක් පැවති පළාත් හැඟවීමේ ඉංග්‍රීසි අක්ෂර ජනවාරි මස 1 වෙනිදා සිට ඉවත් කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තු පවසයි.
ඒ අනුව ඉදිරියේදී නිකුත් කරන නව අංක තහඩුවල ඉංග්‍රීසි අක්ෂරය මුද්‍රණය නොකරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා ඊයේ (30) පැවසීය.
නව ලියාපදිංචියට සහ දැනට පවතින අංක තහඩු සහිත වාහනවල ලියාපදිංචිය වෙනස් කිරීමට ගාස්තු ගෙවිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.