පළමුවරට ශ්‍රී ලංකා පොලිසියට විශ්වවිද්‍යාල උපාධි පාඨමාලාවක් හඳුන්වා දෙයි. ඊට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම 12වැනිදා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදු කෙරිණ.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේෂ්ඨ කථිකාචාර්ය සුදන්ත ලියනගේ මහතා අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සිදුවිය.
මෙම උපාධි පාඨමාලාව ව්‍යවහාරික පොලිස් අධ්‍යයන උපාධි පාඨමාලාව ලෙස නම් කර තිබේ. වසරකට පරීක්ෂක ශ්‍රේණියේ නිලධරයන් සහ සහකාර පොලිස් අධිකාරි තනතුරේ නිලධරයන් 150ස් දෙනෙකුට ඊට අවස්ථාව හිමිවේ.
මෙම පාඨමාලාව ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වනු ලබන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, අත්තිඩිය යෝජිත ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය සහ කළුතර ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලය යන ස්ථාන වලදී පැවැත්වේ. සති අන්තයේදී බාහිර උපාධි පාඨමාලාවක් වශයෙන් අධ්‍යයනය සඳහා අවස්ථාව හිමිවන අතර උපාධි පාඨමාලා කාලය වසර 03 කි.