නියෝජ්‍ය පොලිස්පතිවරු 11 දෙනෙක් පොලිස් සේවයෙන් සමුගනියි.

නියෝජ්‍ය පොලිස්පතිවරු 11 දෙනෙක් අද පොලිස් සේවයෙන් සමුගන්නා බව පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා.

ඒ අනුව, ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙක් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 9 දෙනෙක් විශ්‍රාම යෑමට නියමිතය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති(පරිපාලන) නන්දන මුණසිංහ සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති(ඌව පළාත) ඩබ්. එෆ්. යූ. ප්‍රනාන්දු අද සිට විශ්‍රාම යයි .

එමෙන්ම, නියෝජ්‍ය පොලිස්පති(ජනාධිපති ආරක්ෂක) ඔගස්ටස් පෙරේරා, නියෝජ්‍ය පොලිස්පති(බස්නාහිර උතුර අපරාධ) ප්‍රිශාන්ත ජයකොඩි, නියෝජ්‍ය පොලිස්පති(වන්නි) චන්දන අලහකෝන්, නියෝජ්‍ය පොලිස්පති(උතුරු පළාත) විජිත ගුණරත්න සහ නියෝජ්‍ය පොලිස්පති(ප්‍රජා පොලිස් සහ ආරක්ෂණ) ජගත් පලිහක්කාර අද විශ්‍රාම යාමට නියමිතයි.

චම්පික සිරිවර්ධන(කෑගල්ල දිසාව), කිත්සිරි ජයලාල් අපෝන්සු(බදුල්ල දිසාව), එස්.ඩී.එස්.පී. සන්දනායක(කළුතර දිසාව) සහ එච්.එස්.එන්. පීරිස්(නුවරඑළිය දිසාව) යන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ද අද විශ්‍රාම ගන්නා බව පොලිස් මූලස්ථානය පවසනවා.

19 COMMENTS

Comments are closed.