පාසල් සිසුන්ගේ පෞරුෂය සංවර්ධනය කිරීමේ සහ ඔවුන් වැරදි චර්යාවලින් වළක්වා ගැනීමේ අරමුණින් සෑම පාසලකම සතිමත් බව පිහිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරයි. ලබන වසරේ ජනවාරි 4 වැනිදා සිට මෙය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව ලබන වසරේ ජනවාරි 4 වැනිදා සිට මාර්තු මස 24 වැනිදා දක්වා සෑම බදාදා දිනකම නියමු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඉන්පසු සෑම සඳුදා, බදාදා සහ සිකුරාදා දිනකම පෙරවරු 7.30 සිට 7.40 දක්වා විනාඩි 10ක කාලයක් ඒ වෙනුවෙන් කෙරේ. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ(13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළේය.