අද රාත්‍රී 09.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක් රුපියල් 40 කින් හා ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් මිල අඩුකර තිබේ.
සෙසු ඉන්ධන වර්ගවල මිල එසේම පවතී.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක් රුපියල් 370 ක් හා ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 415 දක්වා මිල පහළ බසී.
සිපෙට්කෝ මිල අඩු කිරීම් අනුව ලංකා ඉන්දීය තෙල් සමාගමද තම බෙදුම්හල්වල ඉන්ධන මිල ගණන් පහත දමා ඇත.