ප්‍රමාද වී ඇති විශ්‍රාම පාරිතෝෂික දීමනා කඩිනමින් ලබාදීමට ක්‍රියාකරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීමේදී පසුගිය කාලය පුරා ඇතිවූ ප්‍රමාදය පිටුදැකීමට කටයුතු කරගෙන යන බව පැවසූ අගමැතිවරයා මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි ද සඳහන් කළේය.
ඒ අනුව, භාණ්ඩාගාර අනුමැතිය ලබාගත් පසු, අදියර දෙකකින් ගෙවීම් සිදුකරන බවද ගුණවර්ධන මහතා පැවසීය.
අගමැතිවරයා මේ අදහස් පළකළේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමට එක්වෙමිනි.