ඩීසල් සහ භූමිතෙල් මිල ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමේ. ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 25 කින් ඉහළ නංවා ඇත.
ඒ අනුව, ඩීසල් ලීටරයක නව මිල රුපියල් 430ක් වන අතර, භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 365ක් වන බව, ඛනිජ තෙල් සංස්ථාව පවසයි.
සුපිරි ඩීසල්, ඔක්ටේන් 95 සහ 92 පෙට්‍රල් මිල වෙනස් නොවන බව ද සංස්ථාව දන්වයි. ඉන්ධන මිල නොවැම්බර් මස තුළ නැවත සංශෝධනය කිරීමට අපේක්‍ෂා නොකරන බව ද දැනුම් දී තිබේ.