ගෘහස්ථ-නුපුහුණු රැකියා සඳහා කාන්තාවන් විදේශගත කිරීම අත්හිටුවයි

ගෘහස්ථ හා නුපුහුණු රැකියා සඳහා කාන්තාවන් රැකියා නියෝජිතායතන මගින් විදේශ ගතකිරීම  11 දින සිට අත්හිටුවන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දෙයි.

එසේ විදේශගත වූවන් නැවත මෙරටට ගෙන්වීමේ දී ගැටළු ද  පැන නැගී ඇති බැවින්, ඒ පිළිබඳව අවධානය යොමුකළ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මෙම තීරණය ගෙන තිබේ.

සංචාරක වීසා මගින් රැකියා සඳහා විදේශගත වූවන් පිළිබඳව මේ වන විට උද්ගත වී ඇති තත්වය ද මෙම තීරණයට බලපෑ බව විදේශ සේවා නියුක්ති කාර්යංශය කියාසිටී.