ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාවට රටවල් 20 ක් එක්වෙයි.

එක්සත් ජාතීන්ගේ 51 වෙනි මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාවට රටවල් 20 ක් ඡන්ද ප්‍රකාශ කළා.

එම යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ රටවල් සංඛ්‍යාව 7 ක්.

ඒ අනුව, ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව වැඩි ඡන්ද 13 කින් සම්මත වුණා.

එම යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ රටවල් වන්නේ, චීනය, කියුබාව, පාකිස්තානය,  බොලිවියාව, එරිත්‍රියාව, උස්බෙකිස්තානය සහ වෙනිසියුලාවයි.

එමෙන්ම, මෙතෙක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට පක්ෂය ඡන්දය පල කළ ලිබියාව මෙවර සහය පලකරමින් ඡන්දය ප්‍රකාශ කර නැහැ.

ඉන්දියාව, ජපානය, බ්‍රසීලය, කටාර් රාජ්‍ය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් 20 ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියා.

ඇමෙරිකාව, ජර්මනිය,  ප්‍රංශය, නෙදර්ලන්තය, දකුණු කොරියාව, යුක්රේනය ඇතුළු රටවල් 20 ක් යෝජනාවට සහය පල කළ රටවලට අයත්.