එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙති. හමුව පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේ දී ය.
ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණ.
එක්සත් ජාතීන්ගේ ආසියා සහ පැසිෆික් කලාපීය සංවර්ධන සම්බන්ධීකරණ බැංකොක් කාර්යාලයේ අධ්‍යක්ෂ ඩේවිඩ් මස්නෙක්යන් කාර්, මෙරට එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත හැනා සිංගර් සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකරණ කාර්යාල ප්‍රධානි ඇන්ඩ්‍රියාස් කර්පාති යන මහත්ම මහත්මීහු මෙම සාකච්ඡාවට එක්වූහ.