චීනය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වාර සංඛ්‍යාව ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව චීනය මේ සතියේ සිට ශ්‍රී ලංකාවට ගුවන් ගමන් තුනක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ශ්‍රී ලංකන් ගුවන් සේවය ද චීනයට නිතර ගුවන් ගමන් සපයයි.
ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා කොළඹ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී මේ බව අනාවරණය කළේය.
චීන රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති සහ ලබාදීමට අපේක්ෂා කරන ආර්ථික සහ මානුෂීය ආධාර පිළිබඳව තානාපතිවරයා ජනාධිපතිතුමා වෙත කරුණු දැක්වීය. ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන්ට නැවත චීනයට ගොස් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලබාදීමට කටයුතු කර ඇත. ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ ආර්ථික ක්‍රියාකාරකම් තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
මේ අතර තානාපතිවරයා චීන ජනාධිපති ෂී ජින්පින් මහතා අතින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත විශේෂ පණිවිඩයක් ද ලබා දුන්නේය.
පවතින ආර්ථික අර්බුදයේදී මිත්‍ර රටක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය පිළිබඳව ජනාධිපතිතුමා චීනයට ප්‍රශංසා කළේය.
මෙම සාකච්ඡාවට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අනුර දිසානායක මහතා ද එක්ව සිටියේය.