රනිල්ට සහය පළ කරන යෝජනාවක් පාර්ලිමේන්තුවට

නව අගමැති ලෙස පත් කිරීමට නියමිත රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුව යළි රැස් වන ලබන අඟහරුවාදා (17)පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමට තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහය රනිල් වික්‍රමසිංහ මහතාට පළකරන බවට එසේ ගෙන එන යෝජනාවේ සඳහන් වෙයි. රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගයෙන් ස්වාධීන වී නව රජයට සහාය පළ කරන මන්ත්‍රී පිරිස සහ තවත් පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් සහය දැක්වීමට නියමිතය.