ජූනි මස පළමුවැනිදා සිට ශංහයි නගරයේ නිෂ්පාදනය හා ජනජීවිතය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කෙරේ.
ශංහයි නගරයේ උප නගරාධිපති Zong Ming මහතා අද (31) පැවති වසංගත වැළැක්වීම් හා පාලනය පිළිබඳ මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය. ශංහයි නගරයේ වැසියන්ගේ පොදු උත්සාහයෙන් වංසගතය ඵලදායී ලෙස පාලනය කර ඇති අතර, වැළැක්වීම් හා පාලන තත්ත්වය අඛණ්ඩව වැඩිදියුණු වන බව හෙතෙම පෙන්වා දුන්නේය.
ජූනි පළමුවැනිදා සිට ශංහයි නගරය තුන්වන අදියරට, එනම් නගරයේ සාමාන්‍ය නිෂ්පාදන හා ජීවන පටිපාටිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමේ අදියරට පිවිසෙනු ඇති බව Zong Ming මහතා පැවසීය.
ශංහයි නගරය, මහා පරිමාණ වසංගත නැවත ඇතිවීම වැළැක්වීම සහ අවදානම් පාලනය සහතික කිරීම යන මූලික පදනම මත, වසංගත වැළැක්වීමේ සහ පාලනයේ සාමාන්‍යකරණ කළමනාකරණය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.