පවතින අර්බුදය පිටුදැකීමට වර්තමානයේ කළ යුතු වැදගත්ම කාර්යය වන්නේ, ආර්ථිකය යථා තත්වයට ගෙන ඒමේ සැලැස්මක් සකස් කිරීම හා එය කඩිනමින් ක්‍රියාත්මක කිරීම බව, මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ, ඊට පිළියම් සෙවීමේ එක් පියවරක් ලෙස, බදු වැඩි කිරීම හැර වෙනත් මඟක් නොමැති බවයි. බීබීසී රූපවාහිනී නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී අමාත්‍ය අලි සබ්රි මහතා මේ බව කියා සිටියේය.