ෆයිසර් සමාගම විසින් නිපදවා ඇති කොවිඩ් 19 ඖෂධයට චීනය කොන්දේසි සහිත අනුමැතිය

ෆයිසර් සමාගම විසින් නිපදවා ඇති කොවිඩ් 19 ඖෂධයට චීනය කොන්දේසි සහිතව අනුමැතිය ලබා දෙයි. ඒ අනුව Paxlovid ඖෂධය ආනයනය සඳහා කොන්දේසි සහිතව චීන ජාතික ඖෂධ නිෂ්පාදන පරිපාලනය විසින් අනුමැතිය ලබාදී තිබේ. මෙම පෙත්ත  මුඛය මගින් ලබා ගන්නා ඖෂධයකි. සුළු හෝ මධ්‍යස්ථ COVID-19 රෝග ලක්ෂණ  සහිත සහ වඩාත් බරපතල ලෙස රෝගාතුර වීමේ වැඩි අවදානමක් ඇති වැඩිහිටියන් සඳහා එය නිර්දේශ කර ඇත.වෛද්‍ය නිර්දේශය මත එම ඖෂධය ගත යුතු බවත් එහි අතුරු ක්‍රියාකාරීත්වයන් සම්බන්ධයෙන් සමීප ලෙස අවධානය යොමු කළ යුතු බවත් චීන ජාතික ඖෂධ නිෂ්පාදන පරිපාලනය සඳහන් කර තිබේ. එහි අදාළ පර්යේෂණ කටයුතු අඛණ්ඩව සිදු  කරගෙන යන ලෙසත්, නියමිත කාලය තුළ කොන්දේසි සම්පූර්ණ කර  පර්යේෂණ ප්‍රතිඵල නියමිත වේලාවට ඉදිරිපත් කරන ලෙසත් එම පරිපාලනය විසින් ඖෂධ අලෙවිකරණ අවසරලාභියා ගෙන් ඉල්ලා