සිරගතව සිටින විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කෙරේ..

සිරගතව සිටින විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කර තිබෙනවා .

ඒ, මානව හිමිකම් ආරක්ෂා කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සහ මාධ්‍ය නිදහස වෙනුවෙන් ඔහු සිදු කළ මෙහෙය අගයමින් ය.

ජර්මානු දේශපාලනඥයෙකු මෙන්ම යුරෝපීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මාටින් සොනෙන්බොර්න් විසින් ජූලියන් අසාන්ජ්ගේ නම නොබෙල් සාම ත්‍යාගය සඳහා නිර්දේශ කර ඇති අතර එය සාර්ථකව ඉදිරිපත් වී ඇති බව ගෝලීය සම්මානය නිකුත් කරන නෝර්වේජියානු නොබෙල් ආයතනය තහවුරු කරනවා .

ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ සරණාගතභාවය අවසන් කිරීමෙන් පසු ජූලියන් අසාන්ජ් 2019 අප්‍රේල් මාසයේ සිට ලන්ඩන් බන්ධනාගාරයක සිරගතව සිටිනවා .