සමෘද්ධි දීමනාව අද සිට සියයට 28 කින් ඉහළට

සමෘද්ධි සහනාධාර මුදල අද සිට සියයට 28 කින් වැඩි කෙරේ. වැඩි වන සහනාධාර මුදල සමෘද්ධි මූල්‍ය බැංකු මගින් ලබාගැනීමේ අවස්ථාව සමෘද්ධිලාභීන්ට හිමිවන බව, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

මෙම වැඩිවීමත් සමග රුපියල් මිලියන 15 දහසක අමතර පිරිවැයක් දැරිමට රජයට සිදුවෙයි. ඒ අනුව, සමෘද්ධි සහනාධාරය සදහා මේ වසරේ වැය කෙරෙන සමස්ත මුදල රුපියල් මිලියන 65 දහසකි.