සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ ජාතික සම්මේලනය ජනපති ප්‍රධානත්වයෙන්

සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ 9වන ජාතික සම්මේලනය ඊයේ (16)  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පැවැත්විණි.

සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින උපකාරක පන්ති ගුරුවරුන්ගේ එකතුවෙන් 2004 වසරේ දී පිහිටුවා ගත් සංවිධානයකි. විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, කතිකාචාර්යවරුන්, වෘත්තීයවේදීන්, රජයේ පාසල්වල ගුරුවරුන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන 3,500කට ආසන්න පිරිසක් මෙහි සාමාජිකත්වය දරති.

“හරිත ගුරුවරයා” වෙබ් අඩවිය විවෘත කිරීම සහ  සමරු තිළිණ පිරිනැමීම ජනාධිපතිතුමා අතින් සිදුකෙරිණ.