ෂී ජින් පිං මහතා ලෝක මට්ටමේ දේශපාලනඥයෙක්–රුසියානු ජනපති

2013 වසරේ සිට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා විවිධ අවස්ථා 30කට වැඩි සංඛ්‍යාවක දී හමු වී ඇත. එකිනෙකාගේ උපන් දින සැමරීම, එක්ව රසවත් ආහාර භූක්ති විඳීම ඇතුළු කාර්යයන්හී ඔවුහූ නිරත වූහ. දෙරටේ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් චීනය හා රුසියාව නව යුගයේ පූර්ණ උපාය මාර්ගික සහයෝගිතා හවුල්කාරී සබඳතාව ගොඩනගා ඇත. 2020 වසරේ ෂී ජින් පිං මහතාගේ නායකත්වය යටතේ චීන ජනතාව වසංගතය පාලනය කිරීමේ සටනේ ජයග්‍රහණය ලබා ගෙන ඇති අතර ඉතා අසීරු තත්ත්වය යටතේ දරිද්‍රතාව පිටුදැකීමේ ජයග්‍රහණය ලබා ගෙන තිබේ. ලෝක මට්ටමේ දේශපාලනඥයෙක් වන ෂී ජින් පිං මහතාට ඕනෑම සිදුවීමකට සූදානම් ව සිටිය හැකි බව ව්ලැඩිමීර් පුටින් මහතා සඳහන් කර ඇත.