රණවිරු සුබසාධනය වෙනුවෙන් රුපියල් කෝටි 75 ක්

ඉතිහාසයේ ප්‍රථම වරට රණවිරු සුබසාධනය වෙනුවෙන් රුපියල් කෝටි 75 ක මුදලක් රජය වෙන් කර ඇතැයි, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. රණවිරු වැටුප් අර්බුදය විසඳීම ඇතුළු සුබසාධන ක්‍රියාමාර්ග රැසක් ද රජය ක්‍රියාවට නංවා ඇත.

රණවිරුවන් දිරිගැන්වීම සහ පෙළඹවීම මගින් ව්‍යවසායකත්වය වර්ධනය කර ගැනීමට සහ ඉන් ඵලදායී හා යහපත් ජීවිත ගත කිරීමට අවස්ථාව උදාවන බව ආරක්ෂක ලේකම්වරයා පෙන්වාදෙයි. ඔහු මේ අදහස් පළකළේ, රණවිරුවන් පිරිසකට ආරෝපිත යතුරුපැදි 50 ක් ප්‍රදානය කිරීම නිමිත්තෙන් ඊයේ (4) පැවති උත්සවයකදී ය. ඊට වැයකෙරුණු මුදල රුපියල් කෝටියකි. 74 වන නිදහස් දිනය නිමිත්තෙන් වැඩසටහන සංවිධාන කෙරිණ.