අඩු ආදායම්ලාභීන්ට සහන මල්ලක් ලබාදීමේ රජයේ වැඩසටහන යටතේ, ග්‍රාමසේවා වසම් 14022 ක පවුල් පන් ලක්‍ෂ 60880 කට ප්‍රතිලාභ හිමිවෙයි. තෝරාගන්නා පවුල් සඳහා මසකට රුපියල් දෙදහසක වටිනාකමින් යුත් සහන මල්ලක්, වසරක් පුරා හිමිවනු ඇත. ඒ සඳහා රජය වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 1366 කි.
2021 අයවැයෙන් යෝජනා කෙරුණු මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීම සඳහා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
ගෘහ ආර්ථිකය සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් පසුගිය අයවැයෙන් රුපියල් කෝටි 1500 ක් වෙන් කෙරිණ. අඩු ආදායම්ලාභීන්ගේ පෝෂණ මට්ටම සහ ආදායම ඉහළ නැංවීමේ වැඩසටහන් ද ඊට ඇතුළත්ය.