යුක්‍රේනයේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් එරට ජනපති සහ යුරෝපා කවුන්සිලයේ සභාපති අතර දුරකථන සංවාදයක්

යුක්‍රේනයේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් එරට ජනාධිපති Volodymyr Oleksandrovych Zelensky මහතා යුරෝපා කවුන්සිලයේ සභාපති Charles Michel මහතා සමග දුරකථන සංවාදයක නිරත වේ.

කලාපීය නොසන්සුන් තත්ත්වය සමනය කිරීම සඳහා විවිධ පාර්ශ්වයන් ගෙනැති පියවර යුක්‍රේන ජනාධිපතිවරයා ඊයේ(13) පැවති සංවාදයේදී විස්තර කළ අතර සාමය හා ස්ථාවරත්වය යළි ආරම්භ කිරීමට රාජ්‍යතාන්ත්‍රික උත්සාහයන්හි  වැදගත්කම අවධාරණය කර ඇත. දේශපාලන හා රාජ්‍යතාන්‍ත්‍රික ක්‍රමවලින් ගැටළු නිරාකරණය කිරීමෙහි යුක්‍රේනය නියැලී සිටින නමුත්, ප්‍රකෝපකාරී ක්‍රියාවලට යටත් නොවන බව ද ඔහු ප්‍රකාශ කළේය.

යුක්‍රේනයේ ‍‍භෞමික අඛණ්ඩතාව හා ස්වාධිපත්‍යයටත් එරට ඉදිරිපත් කළ ‘යුරෝපා-අත්ලාන්තික් දැක්ම’ටත් යුරෝපා සංගමය ස්ථිර ලෙස අනුග්‍රහය ලබාදෙන බව යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයා කියා සිටියේය.