යුක්රේන තත්ත්වය සම්බන්ධයෙන් ඇමරිකා හා රුසියා ජනාධිපතිවරු ‍ අදහස් හුවමාරු කර ගනිති

යුක්රේන තත්ත්වය සම්බන්ධයෙන් ඇමරිකා හා රුසියා ජනාධිපතිවරු දුරකථනයෙන් අදහස් හුවමාරු කර ගනිති. ඇමරිකාව ගැටළුව විසඳීම සඳහා තවදුරටත් රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ගයන් සඳහා සූදානම් බවත් ඒ අතරම සෙසු ඕනෑම තත්ත්වයකට ද සූදනම් බවත් බයිඩන් ජනාධිපතිවරයා ඉතා පැහැදිලිව පුටින් මහතාට දැනුම් දුන් බව ධවල මන්දිරය සඳහන් කරයි.

මේ අතර ආරක්ෂක සහතික බව සම්බන්ධයෙන් රුසියාවට ඇමරිකාවෙන් සැලකිය යුතු ප්‍රතිචාරයක් ලැබී නැතැයි , ක්‍රෙම්ලිනය  උපුටා දක්වමින් ස්පුට්නික් පුවත් සේවය වාර්තා කර තිබේ.

ආරක්ෂක  සහතිකයන් සම්බන්ධයෙන් රුසියාව කඩිනමින් ඇමරිකාවට සහ නේටෝවට සිය ප්‍රතිචාරය ඉදිරිපත් කරනු  ඇති අතර  දෙරටේ නායකයින් දෙපළ  අඛණ්ඩව සම්බන්ධවීමට එකඟ වී ඇත.